IMG 20231127 WA0014

2023 නොවැම්බර් 13 සිට 19 දක්වා යෙදී ඇති ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ව්‍යවසායකත්ව හා ආකල්ප, ධාරිතා සංවර්ධන වැඩසටහන 2023.11.27 වන දින පෙ.ව.09.00 ට නාච්චාදූව ප්‍රදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. වැඩමුළුව සදහා සම්පත් දායකත්වය උතුරු මැද පලාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී බී දිසානායක මහතා ලබාදෙන ලදි. මේ අවස්ථාව සදහා නාච්චාදූව ප්‍රදේශීය ලේකම් ඊ එම් ආර් පී බී ඒකනායක මහතාද සහභාගි විය.