අනුරාධපුර දිස්ත්රික්කයේ ආහාර නිෂ්පාදන ආයතන ප්රමිතිකරණය කිරීමේ වැඩසටහන යටතේ GMP සහතික ලබා දෙනු ලබන ආයතන මාස හයක කාලයක් අධ්යයනය කිරීම සඳහා උපදේශකයින් තෝරාගැනීමේ වැඩමුළුව

රජරට විශ්වවිද්යාලය සහ වාණිජ මණ්ඩලය ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට අනුව, PTB ව්යාපෘතිය සහ වාණිජ මණ්ඩලය එක්ව අනුරාධපුර දිස්ත්රික්කයේ ආහාර නිෂ්පාදන ආයතන ප්රමිතිකරණය කිරීමේ වැඩසටහන යටතේ GMP සහතික ලබා දෙනු ලබන ආයතන මාස හයක කාලයක් අධ්යයනය කිරීම සඳහා උපදේශකයින් තෝරාගැනීමේ වැඩමුළුව 2021.12.12 දිනඅනුරාධපුර රජරට හෝටලයේදී පැවැත්වේ .මෙම වැඩමුළුව රජරට විශ්වවිද්යාලයේ මහාචාර්ය සංජීවනි ගිනි ගන්දර මහත්මිය ,කෘෂිකර්ම පීඨයේ අංශාධිපති මහාචාර්ය ඒ.එම්.ජේ.බි අධිකාරි මහතා, මහාචාර්ය දිප්ති නයනාංජලි මහත්මිය , තාක්ෂණික පීඨයේ සහ කළමනාකරණ පීඨයේ මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් වාණිජමණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී බී දිසානායක මහතා ,PTB ව්යාපෘතියේ ජේෂ්ඨ ජාතික සම්බන්ධීකාරක නන්ද කුමාර මහතා , උතුරුමැද පලාත් සම්බන්ධීකාරක ගයාන් රාජපක්ෂ මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ .