GMP සහතිකය ලබාදීමට සුදුසු ස්ථාන නිරීක්ෂ‍ණය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදනය කරන ආයතන ප්‍රමිතිකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2021.11.19 දින තෝරාගත් ආයතන 5ක් (වොල්ගා ෆුඩ් ප්‍රඩක්ට්ස්, ජය ගඟ ප්‍රඩක්ට්ස්, JS ප්‍රඩක්ට්ස්, රෝයල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සහ මහවැලි නිෂ්පාදන) සඳහා උපදෙස් දීම සිදු විය. මාස 6ක උපදේශන සේවාවකින් පසුව මෙම ආයතන GMP සහතිකය ලබා ගැනීමට සුදුසු ආයතන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය වෙත යොමු කෙරේ. මෙම ව්‍යාපෘතිය උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය,ජර්මානු රජයේ ප්‍රමිතිකරණ ආයතනය සමග එක්ව සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.