PTB ව්‍යාපෘතියට අනුව ආහාර නිශ්පාදන ආයතන වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් මාලාවට අනුව තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ආයතන වල ගුණාත්මක බව ඉහල නැංවීමේ ව්‍යාපෘතියේ පලමු අදියර ලෙස හෝටල් හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ විසිහයවන වැඩසටහන උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා ජර්මාණු මිණුම්කරණ ආයතනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය එක්ව 2021.03.16 දින තඹුත්තේගම ගල්අරණ හෝටලෙය්දී පැවැත්විණ. මෙම අවස්තාව සදහා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී දිසානායක මහතා, ජර්මාණු මිණුම්කරණ ආයතනයේ උපදේශක ගයාන් රාජපක්ෂ මහතා , අනුරාධපුර දිස්ත්‍රික් අාහාර හා ඔෟෂධ පාළන නියාමක කුමාර මහතා හා ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරී මහතුන් සහ හෝටල් හා බේකරි හිමියන් කුළුබඩු නිශ්පාදකයින්, යෝගට් මීකිරි අයිස්ක්‍රීම් නිශ්පාදකයින්, රස කැවිලි නිශ්පාදකයින් හා ෙවනත් අාහාර වර්ග නිශ්පාදකයින් සහභාගී විය .