PTB ව්‍යාපෘතියට අනුව GMP සහතිකය ලබාදීමට සුදුසු ආයතන නිරීක්ෂණය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදනය කරන ආයතන ප්‍රමිතිකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2021.11.25 වන දින තෝරාගත් ආයතන කිහිපයක් සඳහා උපදෙස් ලබාදීම සිදු විය. එනම් ගල්නෑව මල්ලිකා බේකරිය, එප්පාවල රන්සිත් බේකරිය, තඹුත්තේගම මහවැලි නිශ්පාදන සහ ශ්‍රාවස්තිපුර හසදි නිශ්පාදන අයතනයයි. මෙම අවස්ථාව සදහා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පි බි දිසානායක මහතා සහ පිටිබී ආයතනයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක ගයාන් රාජපක්ෂ මහතා සහභාගිවිය. මාස 6ක උපදේශන සේවාවකින් පසුව මෙම ආයතන GMP සහතිකය ලබා ගැනීමට සුදුසු ආයතන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය වෙත යොමු කෙරේ. මෙම ව්‍යාපෘතිය උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය,ජර්මානු රජයේ ප්‍රමිතිකරණ ආයතනය සමග එක්ව සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.