උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සිදු කරනු ලබන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා සහතික පත් ප්‍රධාන උත්සවය 2022 ජූනි 11 දින අනුරාධපුර CTC සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා ඒකක ප්‍රධානී මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යක්ෂ / අධ්‍යාපන විද්‍යා පිළිබඳ මහාචාර්ය සෙනෙවිරත්න බණ්ඩාර මැතිතුමා සාභාගි වූ අතර එතුමා විසින් ඩිප්ලෝමාධාරීන් අමතා සිය විද්වත් දේශනය ද පවත්වන ලදී

උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් P B දිසානායක මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ විෂය කථිකාචාර්යවරුන් ද මේ සඳහා සහභාගි විය

මෙම ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය සඳහා ඩිප්ලෝමාධාරීන් 114 දෙනා සුදුසුකම් ලැබූ අතර ඔවුන් වසරක කාලයක් අධ්‍යයන කටයුතු නිමකර සියලු ඇගයීම් වලින් සමත්ව මෙම ඩිප්ලෝමාව දිනා ගන්නා ලදී ,

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ( TVEC ) මගින් අනුමත මෙම පාඨමාලාව සඳහා රාජ්‍ය /අර්ධ රාජ්‍ය /යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ කළමනාකරුවන් /ව්‍යවසායකයන් හා විශ්ව විද්‍යාල සිසුන් /රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සහභාගි වන ලදී

The Annual Diploma in Human Resource Management Certificate Ceremony organized by the North Central Provincial Chamber of Commerce was held on 11th June 2022 at the CTC Conference Hall, Anuradhapura in a grand manner.

Prof. Seneviratne Bandara, Head of the Unit of Educational Sciences, Faculty of Sociology and Humanities, Rajarata University, Sri Lanka and Director / Professor of Postgraduate Diploma Courses were also present at the Diploma Ceremony.

Mr. P B Dissanayake, Director General, North Central Provincial Chamber of Commerce and other members of the Board of Directors and Lecturers were also present.

114 Diploma Holders were eligible for the Diploma Certificate Award and they completed the course of one year and passed all the examinations and won this Diploma.

Approved by the Tertiary and Vocational Education Commission (TVEC), the course was attended by Government / Semi-Government / Army Officers as well as Private Sector Managers / Entrepreneurs and University Students / Job seekers

#HRM#hrmdip#hrmsrianka#chamberhrmschool#awards