ආහාර නිෂ්පාදන ආයතන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබාදීම) යටතේ GMP ප්‍රමිති සහතික පත් ලබාදීමේ වැඩසටහන 2023/12/30 වන දින පෙ.ව.09.00 ට Creston Park හෝටල් පරීශ්‍රෙය්දී පැවැත්වුණි. මෙහිදී ආහාර නිෂ්පාදන ආයතන 18 ක් සදහා IND – EXPO Certification Limited ආයතනය මගින් නිකුත් කරන GMP ප්‍රමිති සහතික හිමිවුණි.

  • මෙහිදී Alankulama Group හි ආයතන 06 ක් සදහා GMP ප්‍රමිති සහතිකය ලබා ගන්නා ලදී.
    මේ සදහා ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් ආරියරත්න, නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ, නැ.නු.ප සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය නිර්මාණි අමරතුංග, දිස්ත්‍රික් ආහාර හා ෙඖෂධ පරීක්ෂක ප්‍රසාද් කුමාර, PTB ව්‍යාපෘතියේ ජේ්‍යෂ්ඨ උපදේශක නන්ත කුමාර, PTB ව්‍යාපෘතියේ ජාතික උපදේශක ගයාන් රාජපක්ෂ, වව්නියා විශ්ව විද්‍යාලයේ මහාචාරිනී ආනන්දනී, වාණිජ මණ්ඩලයේ සභාපතිනි ප්‍රියානි නානායක්කර, අධ්‍යක්ෂක ජෙනරාල් පි බී දිසානායක යන මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ උපදේශක අමල් පියතිලක, අධ්‍යක්ෂක මහේන්ද්‍ර බංඩාර කාංගර, අධ්‍යක්ෂක තාරක අමරසේන යන මහත්වරුන් මෙහි ආරම්භක උත්සව අවස්ථාව සදහා සහභාගි විය.
    මෙම ව්‍යාපෘතිය තුලින් ඉටු වූ වැදගත්ම කාර්යය වන්නේ GMP ප්‍රමිති සහතික ලබාගත් ආයතන මගින් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන පාරිභෝගිකයින් හට විශ්වාසයෙන් ලබා ගැනීමට හැකිවීමයි.