WhatsApp Image 2026 02 14 at 00 36 39

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබාදුන් ලංකා බැංකුව සමග සුහද හමුවක් 2026 පෙබරවාරි 10 වන දින four point හෝටලේදී පැවැත්විණි. මෙම සුහද හමුව සඳහා ගරු දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා, ලංකා බැංකුව උතුරු මැද පළාත් කාර්යාලයේ සහකාර මහා කළමනාකරු ඩී ඩබ්ලිව පී කේ ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන්, වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රදීප් කාංගර මහතා, අධ්‍යක්ෂක ජනරාල් පි බි දිසානායක මහතා, උපදේශක මණ්ඩලයේ මහත්ම මහත්මීන්, අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන්, මහජන බැංකුවේ නිලධාරීන් සහ කැනෝලා හොස්පිටල් ආයතනයේ ප්‍රධාන කළමනාකාරතුමන් මෙම අවස්ථාවට සහභාගි විය.