WhatsApp Image 2026 02 13 at 22 50 48 1

උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා එක්ව පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 29 වන මාර්ගගත කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය 2025 ඔක්තෝබර් 24 දින අනුරාධපුර ක්‍රෙස්ටන් පාක් හෝටලයේදී පැවැත්වුණි.මෙම අවස්ථාවට වාණිජ මණ්ඩලයේ ගරු සභාපති ප්‍රදීප් මහේන්ද්‍ර බණ්ඩාර කාංගර මහතා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී .බී දිසානායක මහතා අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ මහතා අධ්‍යක්ෂක චාමර කොබේවත්ත මහතා අධ්‍යක්ෂක ඉඳුනිල් කුමාර මහතා අධ්‍යක්ෂක ප්‍රදීප් ජිනසේන මහතා සහා අධ්‍යක්ෂක තාරක අමරසේන මහතා සහභාගි විය. මෙදින ඩිප්ලෝමාධාරීන් 45දෙනෙකු සහතික පත්‍ර ලබා ගන්නා ලදී.