656565

උතුරු මැද පළාත් ප්‍රාදේශිය ව්‍යවසායක සම්මාන උළෙල 21 වන වරටත් අති උත්කර්ෂවත් ලෙස අනුරාධපුර ගොල්ඩන් මැංගෝ හෝටලයේ දී පසුගිය 18 වන දා රාත්‍රියේ පැවැත්වී ය. මෙහි ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූයේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා යි.
ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ උතුරු මැද පළාත් වානිජ ,කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය මගින් වාර්ෂිකව මෙම ප්‍රාදේශිය ව්‍යවසායක සම්මාන උත්සවය පවත්වනු ලබයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 24 දෙනෙක් මෙහි දි සම්මානයට පාත්‍ර වූහ. කර්මාන්ත , කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල නියුතු ව්‍යාවසායකයින් මෙහි දී සම්මාන ලබා ගත්තා . ඒ ඇගයිම් සහතික , ලෝකඩ , රිදි , රන් හා ප්ලැටිනම් ආදී වශයෙනි.
වානිජ මණ්ඩලයේ කටයුුතු සඳහා නිබදව සහය වෙමින් කළ මෙහෙවර වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , දිස්ත්‍ර්ක් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, වෛද්‍ය සුමිත් රාජපුර යන මහත්වරුන් සඳහා මෙහි දී විශේෂ ඇගයිම් සම්මාන පිරිනැමිණි.
පලාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ,ආණ්ඩුකාර ප්‍රධාන ලේකම් නන්දන ගලගොඩ , පලාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ , නගරාධිපති එන් .කරුණාරත්න , අතිරේක දිස්ත්‍රික් ලේකම් දීපාල් සිරිමාන්න , සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, ආණ්ඩුකාර ලේකම් , ජාතික ව්‍යාවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා,උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මහේන්ද්‍ර ප්‍රදීප් කාංගර මහතා,වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී. බී දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂක මඩුල්ල මෙන්ම තවත් රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහ අනුරාධපුර ව්‍යාපාරික මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.