WhatsApp Image 2026 02 13 at 22 44 42

අද දිනට යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස නව ඒකකයක් විවෘත කරන ලදී.
එයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමේදී වැදගත් වන මාර්ග පද්ධතිය සමඟින් , සංචාරක ස්ථාන,සංචාරකයන්ට සේවා සපයන ස්ථාන ඇතුලත් කරමින් මාර්ගෝපදේශක පත්‍රිකාවක් නිකුත් කරන ලද අතරම වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා , අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් සමග මෙහි උන්නතිය උදෙසා සිය අදහස් ඉදිරිපත් කරමින් කෙටි සාකච්ඡාවක් පවත්වන ලදී.