WhatsApp Image 2026 02 13 at 22 29 30 1

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) තානාපති කාර්යාලයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන කලීඩ් නසාර් අල් අමෙරි මහතා උතුරු මැද පළාත තුළ සක්‍රීය සංචාරයක යෙදෙමින් ප්‍රදේශය තුළ පවතින නව තාක්ෂණික කෘෂිකාර්මික වගා භූමියන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ නිරීක්ෂණයකට සහභාගී වන ලදී.

ඒ අනුව උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ සාමාජිකයකු වන තලාව PH Green House ආයතනයේ සැකැස්ම හා ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා එම තානාපතිවරයා සහභාගී විය. වැඩිදුරටත් තානාපතිවරයා,

  • ආයතනය ආරම්භය හා විකාශනය,
  • භාවිත කරන තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳ,
  • වෙළඳපළ අත්පත් කර ගැනීම හා පවත්වා ගැනීම,
  • කෘෂි ව්‍යවසායකයකු වශයෙන් මුහුණ දෙන අභියෝග සහ ගැටලු පිළිබඳ ව ද සාකච්ඡා කරන ලදී.
  • අවසන් වශයෙන් අපනයන වෙළඳපළක වටිනාකම සහ නව ප්‍රගමනයන් පිළිබඳ අදහස් හා තොරතුරු හුවමාරු කර ගන්නා ලදී.මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ නිලධාරින් සහභාගී වූහ.