2023 නොවැම්බර් 13 සිට 19 දක්වා යෙදී ඇති ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ව්‍යවසායකත්ව හා ආකල්ප, ධාරිතා සංවර්ධන වැඩසටහන 2023.11.24 වන දින පෙ.ව.09.00 ට මිහින්තලය ප්‍රදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. වැඩමුළුව සදහා සම්පත් දායකත්වය උතුරු මැද පලාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ මහතා ලබාදෙන ලදි.