උතුරැ මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන උළෙල මෙවරත් 2023 ඔක්තොම්බර් 26 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට්හිදි පැවැත්විණි. මෙවර 19 වන වරට මෙම සම්මාන උළෙල පැවැත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා සහභාගි විය. මෙහිදි සුලු මධ්‍ය මහා පරිමාණ කාණ්ඩයන් යටතේ සම්මාන 20 ක් පිරිනමන ලදි.