GMP ප්‍රමිති සහතිකය ලබාගැනීම සඳහා ව්‍යාපාර ආයතන පුහුණු වැඩමුළුව – ෙදවන අදියර

GMP ප්‍රමිති සහතිකය ලබාගැනීම සඳහා ව්‍යාපාර ආයතන පුහුණු වැඩමුළුව –  ෙදවන අදියර
ජර්මන් රජයේ PTB ව්‍යාපෘතිය සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර පාන නිෂ්පාදනය කරන ආයතන වල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ප්‍රමිතිකරණ සහතික වෙත යොමු කිරීමට සැලසුම් කොට ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරනු ලබන GMP ප්‍රමිති සහතික ලබාදීම සඳහා ව්‍යාපාර 25 ක් තෝරාගෙන එම ව්‍යාපාර සංවර්ධනය කෙරේ.
එම ප්‍රමිති සහතිකය වෙත යොමු කිරීම සඳහා ව්‍යාවසායකයින් පුහුණු කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනේ  ෙදවන අදියර යටතේ ව්‍යවසායකයින් 22 දෙනෙකු සහ ඔවුන්ගේ කාර් යය මණ්ඩලය පුහුණු කිරීමේ වැඩසටහන 2023.05.13,14,15  යන දින වල අනුරාධපුර වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරෙය් දී පැවැත්විණි.
මේ සඳහා අමර නිෂ්පාදන, එන් – සිෙලාන් අායතනය, රන් කරල් ඉන්ඩස්ට්රි ස්, ෙවාල්ගා නිෂ්පාදන, කාංගර අවුෂධාලය, රන් අාහාර නිෂ්පාදන, සිත්මිණි ඹසු සහ ජයන්ගා හර්බල් නිෂ්පාදන,  ෙසනිත් මිල්ස්, පාරමී ඩයරි අායතනය, නව රන්සිරි ෙබ්කර්සස්, රන් දියවර නිෂ්පාදන, ලිලි ෙපාප් රයිස් මිල්ස්, සූරියන් ඉන්ඩස්ට්‍රිස් ජයමාලි ෙයා්ගට් හා ෙද්කීව අැග්ෙරා්, චින්තන බේකර්ස්,ආලංකුලම හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, creston park hotel ,Four point resort ,Ulankulama bakers, Kanola hospital,යන ආයතන සහභාගි විය.
එමෙන්ම වැඩසටහන අවසානයේ ජර්මානු රජයේ PTB ව්යාපෘතිය සහ වාණිජ මණ්ඩලය ජාත්යන්තර මට්ටමේ පිළිගත් සහතිකයක් ද නිකුත් කෙරෙනු ඇත.
මෙම පුහුණු වීම සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ව්යාපෘතියේ උපදේශක වන ගයාන් රාජපක්ෂ මහතා සහ වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පී බී දිසානායක මහතා විසිනි .