286054829 1736874733321481 6603131652814330442 n

අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් යටතේ දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය(නව බස් නැවතුම් පොළ සහ නව දුම්රිය ස්ථානය )ඒකාබද්ධ කර ඉදි කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ව්‍යාපෘති කාර්යාලයේ දී අද දින පැවැත්විණ. මෙහිදී දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොළ ඒකාබද්ධ කිරීමේදී මගි ජනතාවට වඩාත් පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය වන යෝජනා ඉදිරිපත් කිරීමට වාණිජ මණ්ඩලයට අවස්ථාව හිමි විය.

මෙම සාකච්ඡාව සඳහා අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂක එච් ඩබ්ලිව් සෝමරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහභාගී විය. වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී දිසානායක මහතා සහ උපදේශක අමල් පියතිලක මහතා සහභාගි විය. ජනතාවට වඩාත් පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය නුදුරේදීම ඉදිවනු ඇත.