අනුරාධපුර නගරයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇති අවස්ථාවන් සොයා බැලීම සඳහා සාකච්ඡාවක් අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයේ දී 2022 ජුනි 03 වන දින පැවැත්විණි. මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස් රථ නවීකරණය කර සංචාරකයින්ට ගමන් පහසුව සඳහා යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සෝමරත්න මහතා ඇතුළු එහි නිලධාරී කණ්ඩායමක් සහ වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී බී දිසානායක,උපදේශක අමල් පියතිලක,සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ ගුණසේකර මහත්වරුන් ඇතුළු නිලධාරි කණ්ඩායමක් සහභාගී විය.