300497606 1794532817555672 4450670711665385607 n

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයන ව්‍යාපාර දිරිමත් කිරීම සදහා දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් 2022.08.31 දින පාම් ගාර්ඩ්න් හෝටලයේ දී පැවැත්විණ. උතුරු මැද පලාත් වානිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සංවිධානය කළ මෙම වැඩමුළුව සදහා තාක්ෂණික සහය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානය (ITC) විසිනි. මෙම අවස්ථාව සදහා වානිජ මණ්ඩලයේ සභාපති මහින්ද ජයසේන මහතා, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක මහතා, ලංකා වානිජ මණ්ඩලයේ ජාතික උපදේශක සහ මහ ලේකම් මනෝරි දිසානායක මහත්මිය, ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයේ ජේ්‍්‍යෂ්ඨ උපදේශක හසිත විජේසුන්දර මහතා, ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයේ ජාතික උපදේශක මොහොමඩ් ෆියාස් මහතා, වානිජ දෙපාර්තමේන්තුවේ වානිජ අධ්‍යක්ෂ සහ අංශ ප්‍රධානී, කලාපීය කටයුතු පිළිබද අංශයේ ඩී.එම් රත්නායක මහතා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ අයි.එම්.ජේ ඉලංගකෝන් මහතා,අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.පී දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.