305575360 1804798253195795 3671843885715158253 n 1

ආහාරපාන නිෂ්පාදන ආයතන වල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද PTB ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදන හා අලෙවි කරන අනුරාධපුර නගර සභා සීමාවේ හෝටල් සහ ආපන ශාලා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවැනි වැඩසටහන අනුරාධපුර මහ නගර සභාවේ සංවිධාන දායකත්වයෙන් 2022.09.13 දින අනුරාධපුර ක්‍රෙස්ටන් පාර්ක් උත්සව ශාලාවේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා PTB ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මාරියස් මෙට්ස්, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රොෂාන් රඹුක්වැල්ල, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චතුරිකා කරුණාරත්න, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වසන්ත රත්නායක, PTB ව්‍යාපෘතියේ ජාතික උපදේශකවරුන් වන නන්ත කුමාර, ගයාන් රාජපක්ෂ, ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.කේ අබේපාල ඇතුළු නිලධාරීන් සහ හෝටල් සහ ආපන ශාලා හිමියන් 40 දෙනෙකු සහභාගී විය.