උතුරැ මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන ප්‍රධාන උළෙල සහ ව්‍යාපාරික වර්ණ රාත්‍රිය 16 වන වරටත් නොවැම්බර් මස 24 වන දින ප.ව.6.30 ට සීදේවි උත්සව ශාලාවේදි පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම සම්මාන ප්‍රධාන උළෙලේ දී ඉතා කුඩා සුළු මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ අංශයන් යටතේ සම්මාන 12 ක් ප්‍රධානය කෙරේ. දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් රාජ්‍ය නිළධාරීන් සහ පෞද්ගලික අංශයේ නිළධාරීන් ඇතුලු 250කට අධික පිරිසක් මෙම උත්සව අවස්ථාවට සහභාගිවීමට නියමිතය.