රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ කාන්තා ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2022 දෙසැම්බර් 9 වන දින වාරිමාර්ග ව්‍යාපෘති කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ව්‍යවසායකත්වය,ආදායම් උත්පාදන මාර්ග අවස්ථා තෝරා ගැනීම හා හඳුනාගැනීම,වෙළඳපල අවස්ථා හඳුනාගැනීම,පිරිවැය හදුනාගැනීම හා මිල තීරණය කිරීම යන මාතෘකාවක් යටතේ දේශනය පැවැත්වීවිය.මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී බී දිසානායක මහතා විසින් ලබාදෙන ලදි.