උතුරැ මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉහත සම්මාන ප්‍රධාන උළෙල මෙවරත් 16 වන වරට අනුරාධපුර සිදේවි උත්සව ශාලාවේදි අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි. මෙහිදි තෝරාගත් ව්‍යවසායකයින් 10 දෙනෙකු සදහා ඇගයුම් සම්මාන 10 ක් ප්‍රධානය කරන ලදි. සම්මාන උළලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සහභාගි විය.මෙහිදි කුඩා පරිමාණ සේවා අංශයෙන් සිතුමිණ ඔසු ආයතනයේ පි ඒ එන් ඉදුනිල් කුමාර, මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික අංශයෙන් අරැණ සංජීව රත්නායක, පි එච් ග්‍රීන්හවුස් නිශ්පාදන ආයතනයේ සුනිල් දිසානායක,මධය පරිමාණ සේවා අංශයෙන් රැක්මල් මෝටර්ස් ආයතනයේ රැක්මල් ප්‍රියන්ත, මධය පරිමාණ කර්මාන්ත අංශයෙන් හෙල්දි පුඩ්ස් ලංකා ආයතනයේ නිමල් කරැණාතිලක, මහා පරිමාණ කර්මාන්ත අංශයෙන් ආර් එස් ව්‍ක්‍රම ඇන්ඩ් කම්පැණි පුද්ගලික සමාගමේ ඩිලන්ත රැක්ෂාන් කුඩා පරිමාණ කෘෂිකාර්මික අංශයෙන් මැන්ගිපෙරා ආයතනයේ ශ්‍රීලාල් වික්‍රමසිංහ, රන්කරල් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ අබ්දුල් මොහොමඩ්, මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයෙන් සුපුන් කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයේ සරත් අනුර පෙරේරා.සංචාරක අංශයෙන් හබරණ සංස්කෘතික මධ්‍යස්ථානය මෙම වසරේදි ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීය.