WhatsApp Image 2024 09 02 at 12 45 14 d38c2d5f 1

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය ප්‍රදේශයේ ව්‍යවසායකයින් සදහාම සංවිධානය කරනු ලැබූ ” ගුණාත්මක සේවාවක් තුළින් අලවිකරණ අරමුණු ජය ගැනීම ” නම් වූ පාරිභෝගික සත්කාරය හා අලවිකරණය  පිළිබඳ වැඩසටහන අගෝස්තු මස 31 වන දින එනම් සෙනසුරාදා දින ඉතා සාර්ථක අයුරින් පවත් වන ලදි.

වාණිජ මණ්ඩලය මෙම වැඩසටහන  සංවිධානය කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ ප්‍රදේශයේ ව්‍යවසායකයින් හා එම ව්‍යාපාර වල මහත්ම මහත්මීන් හට තම ව්‍යාපාර කටයුතු සදහා පාරිභෝගික සත්කාරයේ  හා අලවිකරන  අංශයේ නිවැරදි මාර්ගෝපදේශනයක් ලබා දීමයි.

අලවිකරණය පිළිබඳ ප්‍රවීන දේශක අමිත ගමගේ මහතා මෙහි සම්පත්දායකත්වය ලබා දෙන ලදි.