උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සිය සාමාජිකයන් හට ලබා දෙන සේවාවක් ලෙස පවත්වන පුහුණු සැසි හා දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සමගාමීව සමාජ කතිකාව හා වැඩපළ සහයෝගීතා ප්‍රවර්ධන වැඩසටහන ඉකුත් අගෝස්තු මස 14 වන බදාදා දින වාණිජ මණ්ඩල පරිශුයේ දී පවත්වන ලදි.

ආයතන ප්‍රධානීන් ඇතුලුව ආයතනයේ සේවකයන් අතර සහයෝගීතාව හා සුහදත්වය වර්ධනය කර ගැනීම තුළින් ආයතනික ඉලක්ක හා අරමුණු කරා ලගාවීමහි ඇති වටිනාකම් පැහැදිළි කර දීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම වැඩසටහන සදහා කම්කරු දෙපාර්තමෙන්තුවේ සමාජ කතිකාව හා වැඩපළ සහයෝගීතා ප්‍රවර්ධන අංශයේ ජේෂ්ඨ කම්කරු නිළධාරී W.P වීරසිංහ මහතා මෙහි සම්පත් දායකත්වය ලබා දෙන ලදි.