485729770 2487097838299163 2233399177555038803 n

උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය මගින් පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 29 වන කණ්ඩායමේ ඩිප්ලෝම සහතික පත්‍ර ප්‍රධානෝත්සවය මාර්තු මස 23 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහි ප්‍රධාන දේශනය සුපර් වයිට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහ උළංකුලම ඩේරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ මහතා විසින් පවත්වන ලද අතර, උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී.බී දිසානායක මහතා,විශය කථිකාචාර්ය ගාමිණී චන්ද්‍රසේකර මහතා ඇතුළු ඩිප්ලෝමාධාරින් විසි දෙදෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගී වන ලදී.