347230079 628313789195532 482350271802306130 n

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා රජරට විශ්ව විද්‍යාලය ගිවිසගත් එකඟතාවයකට අනුව වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවක් අද දින (2023 මැයි 18 වන දින) සිදු කරන ලදී. පළමුව කෘෂිකර්ම පීඨයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවූ අතර මහාචාර්ය G V T V වර්ණසූරිය මහතා කෘෂි පීඨයේ සිදුවන සේවාවන් පිළිබඳව හඳුන්වාදීමක් සිදුකරන ලදී. ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති E M K R B එදිරිසිංහ මහතා,තාක්ෂණ පීඨයේ පීඨාධිපති Dr බමුණුඅාරච්චි මහතා,කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය බන්දුල ජයතිලක මහතා , තම පීඨ වලින් සිදුවන සේවාව පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයට පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඉන් අනතුරුව උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය සමඟ චාරිකාව පිළිබඳව සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ උපකුලපති තුමිය රජරට විශ්වවිද්‍යාලය සහ වාණිජ මණ්ඩලය අතර සුහදතාවය තුළින් පළාතට විශාල මෙහෙවරක් ඉටු කළ හැකි බව පැහැදිලි කරන ලදී. මේ අවස්ථාව සම්බන්ධීකරණය කරමින් ආචාර්ය මනෝජ් සමරතුංග මහතා කැපවීමෙන් තම වගකීම ඉටු කරන ලදී. මේ අවස්ථාවට වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පි බී දිසානායක මහතා උපදේශක ශාන්ති ලියනගේ මහත්මිය,අධ්‍යක්ෂක ප්‍රදීප් කාංගර මහතා ,අධ්‍යක්ෂක ගාමිණි කොබේවත්ත මහතා අධ්‍යක්ෂක මහින්දරත්න බණ්ඩාර මහතා,අධ්‍යක්ෂක සලිල විතානගේ මහතා,අධ්‍යක්ෂක තාරක අමරසේන මහතා සහභාගි විය.