IMG 20231117 WA0097

උතුරැ මැද පළාත් වාණිජ මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ ජාත්‍යන්තර කම්කරැ සංවිධානය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධිකරණය යටතේ පාසල් පාදක ව්‍යවසායකත්ව දින සැමරැම 2023 නොවැම්බර් 16 වන දින අනුරාධපුර යොවුන්නිකේතනයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මේ සදහා උතුරැ මැද පළාතින් අනුරාධපුර සහ පොළොන්නරැව දිස්ත්‍රික් ආවරණය වන පරිදි පාසල් 25 ක් තෝරාගත් අතර වයස අවුරැදු 15 ත් 18 ත් අතර ව්‍යවසායකත්ව විෂය හදාරනු ලබන පාසල් සිසුන් 450 දෙනෙකු මේ සදහා තෝරාගන්නා ලදි. මෙම වැඩමුළුව එදින උදෑසන 8.00 සිට පස්වරැ 4.00 දක්වා පැවැත්වු අතර මෙහිදි ව්‍යවසායකත්වය සහ එහි වැදගත්කම පිළිබදව පාසල් සිසුන් දැනුවත් කළ අතර විවිධ ක්‍රියාකාරකම් පැවැත්විණි. මෙම වැඩසටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් එන් පී අබේසේකර, නැ නු ප ප්‍රාදේශීය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස, නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය කළමණාකරැ අරැණ විජේසිරි, ලංකා බැංකුව උතුරැ මැද පලාත් සහකාර මහා කළමණාකරැ මහින්ද බංඩාර, ලංකා බැංකුව ශාඛා කළමණාකාර අරවින්ද ,උතුරැ මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (වාණිජ )ඩබ් එම් වන්නිනායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජේ එම් පී එම් ජයසුන්දර, වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රියානි නානායක්කර, අධ්‍යක්ෂක ජනරාල් පි බී දිසානායක යන මහත්ම මහත්මීන් සහ උතුරැ මැද පළාත් වාණිජ මණ්ඩලයේ උපදේශක අමල් පියතිලක, අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ, අධ්‍යක්ෂක ගාමිණි කොබේවත්ත, අධ්‍යක්ෂක ඉන්දික ලියනගේ, අධ්‍යක්ෂක සලිල විතානගේ යන මහත්වරැන් මෙහි ආරම්භක උත්සව අවස්ථාව සදහා සහභාගි විය.