284545700 1723684304640524 4708904139432336266 n

අනුරාධපුර හරිත සුව ගොවි වෙළදපල සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට පහසු වන පරිදි අන්තර්ජාල වෙබ් පිටුවක් හදුන්වා දීමේ වැඩසටහන 2022.05.26 දින වානිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එච්.බී.පී.එච් මාදන මහත්මිය, උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේෂා දයාරත්න මහත්මිය, වැව්ගම් පුබුදුව ජනතාක්ෂණ ආයතනයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලංග උදයන්ත මහතා, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුලු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සම්මේලනයේ උපදේශක සමන්ත අබේවික්‍රම මහතා ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.