එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය(ITC) කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට සහය වීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා අපනයනය පිළිබඳව දැනුවත් කිරීමට එක්දින වැඩමුළුවක් අනුරාධපුරදී 2022 අගෝස්තු මස 31 වැනි දින පැවැත්වීමට යෝජනා කර ඇත. මෙම වැඩමුළුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමග උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ කොට ඇත. මේ සඳහා සුදුසුකම් ලබන්නේ දැනට අපනයන කර්මාන්තයේ යෙදී සිටින සහ ඉදිරියේ දී අපනයනය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් සඳහා පමණක් වේ.

ව්‍යවසායකයින් 50 දෙනකු පමණක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන අතර හැකි ඉක්මනින් ඔබේ ලියාපදිංචිය කඩිනමින් සිදු කරගන්නා ලෙස දන්වමු.