වසර දෙකකට පසු දිස්ත්‍රික් ව්‍යවසායක සංසදය 2022 07 18 දින සිට නැවත ආරම්භ කරන

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් J.M.J.K ජයසුන්දර මහතා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නැවත සංසදය කැඳවන ලදී.

එම අවස්ථාවේ අදහස් දැක්වූ ජයසුන්දර මහත පවසා සිටියේ දිස්ත්‍රික්කයේ වැදගත්ම සංසදය

ව්‍යාපාරික සංසදය බවයි.මෙම රැස්වීම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කරන ලදී. රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ දිස්ත්‍රික්කය ව්‍යාපාරවල ධාරිතාවය ඉහළ නැංවීමට යම් සහයෝගයක් මෙම සංසදයට ලබාදීමට හැකි

බවයි.

මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පී බී දිසානායක මහතා පවසා සිටියේ වසර දෙකකට වැඩි කාලයක්

සංසදය අක්‍රියවීමෙන් අඛණ්ඩව කරගෙන ආ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.

මෙම සංසදයේ දී රාජ්‍ය නිලධාරීන් මුහුණට මුහුණ හමුවන බැවින් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට මහඟු අවස්ථාවක් හිමිවන බව පවසා සිටින ලදි.

මෙම රැස්වීමට නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක,අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් සහභාගි වූහ.

එමෙන්ම වාණිජ මණ්ඩලයේ සභාපති මහින්ද ජයසේන මහතා ,උපදේශක අමල් පියතිලක,උපදේශක සරත් මුණසිංහ,අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති අනුර විජේබණ්ඩාර,රජරට හොටෙල් හිමියන්ගේ සංගමයේ සභාපති,harshanath gunasekara,උතුරුමැද ඉදිකිරීම් සංගමය සභාපති නන්දන roddrigu ඇතුළු ව්‍යාපාරික කණ්ඩායමක්

සහභාගි වූහ.

.