ආහාරපාන නිෂ්පාදන ආයතන වල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද PTB ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා රජරට විශ්ව විද්‍යාලයේ සහාය ලබා ගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් 2022 09 12 දින creston park හෝටලයේදී පැවැත්විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ රජරට විශ්ව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා විශ්ව විද්‍යාලයට හැකි සෑම සහයෝගයක් ම ලබා දෙන බව පවසන ලදී.

මෙම අවස්ථාවට PTB ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මාරියස් මෙට්ස්, ජාතික උපදේශක නන්තකුමාර, ජාතික උපදේශක ගයාන් රාජපක්ෂ ,රජරට විශ්ව විද්‍යාලෙ ආචාර්ය මනෝජ් සමරතුංග,කෘෂිකර්ම පීඨයේ සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරුන් , උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ පලාත් අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර, වාණිජ මණ්ඩලයේ සභාපති මහින්ද ජයසේන ,අධ්‍යක්ෂ ජෙනරාල් පී බී දිසානායක සහ උපදේශක අමල් පියතිලක, සුනිල් පේමරත්න, වෛද්‍ය නන්ද පුෂ්පකුමාර ,අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ, ප්‍රියානි නානායක්කාර, අනුර ද සිල්වා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.