340121314 214177561231674 2579416449097035045 n

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය මත පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ 25 සහ 26 කණ්ඩායම් වල සිසුන්ගේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2023.04.06 උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර ෙකස්ටන් පාර්ක් ෙහා්ටලෙය් දී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු එන්.ඒ අරුණ විජේසිරි, වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ එච්.එම් අභයරත්න, ලංකා බැංකු නව නගර ශාඛාවේ කළමනාකරු අරවින්ද හේරත්, වානිජ මණ්ඩලයේ ගරු සභාපතිනි ප්‍රියානි නානායක්කාර, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක, වානිජ මණ්ඩලයේ උපදේශක අමල් පියතිලක, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ සලිල විතානගේ, මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ කථිකාචාර්ය ගාමිණි චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන් සහභාගී විය. මහිදී ඩිප්ලෝමාධාරීන් 98 දෙනෙකු මෙහිදී සහතිකපත්‍ර ලැබීය.