උතුරු මැද පළාත් ආණ්ඩුකාර දූරයෙහි වැඩ භාරගත් වසන්ත ජිනදාස මහතා සමග වාණිජ මණ්ඩලය හා වෙළඳ සංගමයේ නිළධාරීන් අතර හමුවක් ඔක්තෝබර් මස 8 වැනි දා උතුරු මැද පළාත් සභාවේ දී පැවැත්විණි.

එම අවස්ථාව සදහා වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රියාණි නානායක්කාර මහත්මිය , අධ්‍යක්ෂ ජනරාල් පී.බී දිසානායක මහතා , වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු , වෙළඳ සංගමයේ සභාපති අනුර විජේබංඩාර මහතා , ආණ්ඩුකාර ලේකම් හා සම්බන්ධීකරන ලේකම් යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය..