457053003 2310650825943866 3407631022678633217 n

ලොකයේ විවිධ රටවල් වලට ව්‍යවසායකයින් රැගෙන යන උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය මෙවර මියන්මාරය තෝරා ගනු ලැබුවේ අප වාණිජ මණ්ඩල සාමාජිකයන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීම සදහා ය. සාමාජිකයන් 28කින් යුත් කණ්ඩායමක් 2024.08.22 වනදා සිට 2024.08.27 දක්වා දින 05ක් සංචාරය සදහා සහභාගි විය.

මෙහිදී මියන්මාර වාණිජ මණ්ඩලය සමග ද්වී පාර්ශවීය සාකච්ඡාක් සදහා සහභාගි විය.එහි දී සංචාරක ප්‍රවර්ධනය සදහා අදහස් හුවමාරු වූ අතර ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනීම පිළිබදව ද අදහස් ඉදිරිපත් විය.

මීට වාණිජ මණ්ඩලයේ මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මියන්මාරයේදී පැවැත්වීම/ ශ්‍රි ලාංකික ව්‍යවසායකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ඇගලුම් කර්මාන්ත ශාලාවක නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීම/ මියන්මාර බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම ආදී විශේෂාංග මෙම සංචාරය සදහා ඇතුළත් විය..