WhatsApp Image 2024 10 04 at 16 33 08 09eb100e

ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ පාරිභෝගික සත්කාරය පිළිබඳ වැඩමුළුව 2024.10.04 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික ආයතනවල සන්නාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් අදියරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.2024.10.04 වන දින පවත්වන ලද්දේ දීපය ව්‍යාප්තව පැවැත්වූ දාහතරවන වැඩමුළුවයි.මෙම වැඩමුළුවේ ආරම්භක අවස්ථාව සඳහා

  • අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රරංජිත් විමලසූරිය මහතා
  • ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියක් පෙරුම මහතා
  • උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපතිනි ප්‍රියානි නානායක්කාර මහත්මිය
  • අධ්‍යක්ෂක ජනරාල් පී බී දිසානායක මහතා
  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් ලියනගම යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම වැඩ මුළුව සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අසූ තුන්දෙනෙකු සහභාගි වූ අතර ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්තකාරියක් පෙරුම මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.