උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය සිය සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කළ “ව්‍යාපාරික සුහද හමුව” ඉතා සාර්ථකව ජූලි මස නවවන (09) බදාදා දින අනුරාධපුර ෆෝ පොයින්ට් රිසෝර්ට් හිදී පවත්වන ලදී.
ව්‍යාවසායකයන් වෙත ඔවුනොවුන් හඳුනාගැනීමට අවස්ථාවක් උදාකර දීම, ඒ තුළින් සුහදතාවය හා ව්‍යාපාර අභිවෘද්ධියකරා අවස්ථාව උදාකර දීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය විය.
වාණිජ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල්, සෙසු අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් සමගින් විවිධ ක්ෂේත්රවල හා විවිධ මට්ටමේ ව්‍යාවසායකයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී









