උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයයතයේ (JICA) තාකෂණික සහය සමගින් ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳ දින තුනක පුහුණු වැඩසටහ නොවැම්බර් 8 වැනිදා දින සිට 10 වැනිදා දක්වා ඉතාමත් සාර්ථකව අනුරාධපුර අශෝක හෝටලයේ දී පවත්වන ලදි.
මෙහි සමාරම්භක අවස්ථාව සදහ,

  • උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්, කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, JICA ව්‍යාපෘතියේ සම්බන්ධීකරන නිලධාරීන්, කර්මාන්ත අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ඇතුලුව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂක ජෙනරාල්, අධ්‍යක්ෂ මණ්ඩල මහත්ම මහත්මීන් සහභාගි විය. මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් ලෙස ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයින් 40 දෙනෙකු දින තුනක් පුරාවට නොකඩවා සහභාගි වන ලදි..

  • මෙම වැඩසටහනේ දෙවන හා තෙවන දිනයන් න්‍යායාත්මක දේශන, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ඉදිරිපත් කිරීම් තුළින් සමන්විත වූ අතර වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සහභාගී වූ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ගේ ධනාත්මක ඉහල ප්‍රතිචාර සමග මෙම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය..

  • වැඩසටහන අවසානයේ දී වාණිජ මණ්ඩලය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයයතන (JICA) හා උතුරු මැද පළාත් සභාව එක්ව පුහුණුව ලැබූ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් සදහා වටිනා සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදි.