ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන උළෙල මෙවර විසිවැනි වරටත් දෙසැම්බර් 12 වන දින අනුරාධපුර Golden Mango Resort උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ගරු වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි. මෙහිදී ක්ෂුද්‍ර,සුළු,මධ්‍ය සහ මහා පරිමාණ අංශ යටතේ ව්‍යවසායකයින් 21 දෙනෙකු සඳහා ලෝකඩ, රිදී, රන් ලෙස සම්මාන විසි එකක් ලබාදුන් අතර ව්‍යවසායකයින් 09 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන උළෙලේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය මෙවරද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ Janaka Engineers Industries PVT LTD හි අධිපති K.H. ජානක උදයකාන්ත මහතාට හිමි විය. රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයින් ඇතුළු මෙම උත්සව අවස්ථාව සඳහා 350 අධික පිරිසක් සහභාගී විය.